Kirineliye Wedagedara

කිරිනැළියේ
    වෙදගෙදර

අපගේ සේවා

මාතර කිරිනැළියේ කැඩුම් බිඳුම් හා සර්වාංග වෙදකම

Home

Treatment

කිරිනැළියේ වෙදගෙදර පස්යාල, දුටුගැමුණු රජසමයේ සිට පාරම්පරිකව පැවත එන වෙද ශාස්ත්‍රය,

ඖෂධ වට්ටෝරු, ජ්‍යොතිෂ්‍ය, භූත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්තිකර්ම පිළිබද විශිෂ්ට දැනුම් සම්ප්‍රදායෙන් හා ජන විඥාණයෙන් ප්‍රගුණව පවත්වාගෙන යනු ලබන දේශීය වෙදකමකි.

අපගේ වෙදගෙදර ආගමික විශ්වාසයන් මත පදනම්ව දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය සමග සහ සම්බන්ධව පවත්වාගෙන යනු ලබයි.

රෝගියෙකු දොරෙන් ඇතුල්වන අවස්ථාවේ සිට රෝග නිර්ණය ආරම්භ කර රෝගියාගේ බුලත් අතත් සමග තත්කාල කේන්ද්‍රය බලා දසරුවෙන් හා දුත ලක්ෂණ අනුව රෝග පරීක්ෂාවක් කරනු ලබයි.

රෝගියෙකු අපගේ වෙද සේවය ලබාගැනීමට එන අවස්ථාවේදී කිසියම් මානසික පීඩනයකින් හෝ බියකින් පැමිණීමේ හැකියාවක් ඇත. එහෙයින් බිය නැති කර යම්කිසි මානසික සුවයක් ලබාදීම අපගේ වෙදගෙදර ප්‍රතිකාරයන්හි පළමු පියවරයි.

එලෙස රෝගය හදුනාගත් පසු රෝගියාගේ නැකත් වෙලාවට අනුව, ජ්‍යොතිෂ්‍යනුකූලව සුභ මුහුර්තයෙන් පිරිත් සජ්ඣායනා කර සකස් කරන, ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ලබාදෙනු ලබයි.

පාරම්පරික රෝගි සත්කාරක ප්‍රතිකාර සේවාවන්

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

උලුක්කු, ඇමැට්ටි, තැලීම්, කෙටීම්, උරහිස, වැළමිට, දණහිස, අත් පා ඇගිලි සදහා වෙළුම්පටි වැනි තුවාල සුව කිරීම.

සන්ධි හා ස්නායු ආශ්‍රිත රෝග

කොන්ද, දණහිස්, උරහිස් වේදනාවන්, සන්ධි ඉදිමීම, ආතරයිටිස්, අංශභාගය, අත් පා හිරිය හා වේදනාව වැනි රෝග පාලනය කිරීම හෝ සුව කිරීම

මානසික රෝග

ශීර්ෂ රෝග


සියලුම පීනස් රෝග හා ඉරුවාරදය පාලන කිරීම හෝ සුව කිරීම

මනෝවෛද්‍ය උපදේශනය

සමේ රෝග

දද, කුෂ්ඨ, පොතුකබර, සුදු කබර ආදී චර්ම රෝග පාලන කිරීම හෝ සුව කිරීම

සියළුම කාන්තා රෝග

දරුඵල ප්‍රමාදවීම, සුදයාම, ලේමලය, නහර ගැටගැසීම, කෘෂවීම, මානසික පීඩනය, රහස් රෝග, කළුකුමාර දෝෂ සදහා ප්‍රතිකාර.

ස්ථුල භාවය

කලවා හා උදරය ඉදිරියට නෙරා ඒම, අධික තරබාරුව අඩුකර ගැනීමට විශේෂ ප්‍රතිකාර.

ලිංගික රෝග

ක්ෂණික මෝචනය, අප්‍රාණිකත්වය, කුඩා වීම, ප්‍රියභාවය අඩුකම, මානසික අසහනකාරී තත්වය සදහා ප්‍රතිකාර.

ස්ත්‍රී / පුරුෂ රූපලාවන්‍යය

ප්‍රතිකාර කුරුළෑ ළපකැළැල් සියලුම ව්යංගයන් සදහා ප්‍රතිකාර තෛලය අභ්යාංග, අයුර්වේද ෆේශල්, බොඩි ස්ක්රබ්

ජ්‍යොතිෂ්‍ය සේවය

කේන්ද්‍ර බැලීම, පලාඵල කථනය, විවාහ පොරොන්දම් පරික්ෂණය, විවාහ නැකැත් සැකසීම, නිවාස හා ව්‍යාපාර ආරම්භයට සුභ මුහුර් ථ සැකසීම ආදි සියලුම ජ්‍යොතිෂ සේවාවන්

ශාන්ති කර්ම

ග්‍රහ පූජා, තනිකම් දෝෂ, කළුකුමාර දෝෂ, යක්ෂ දෝෂ, ප්‍රේතදෝෂ සදහා ශාන්ති කර් ම, දෙහි කැපීම, බහිරව පූජා, ආරක්ෂා පැළදවීම හා ආරක්ෂක හා ආකර් ශන යන්ත්‍ර මන්ත්‍ර කටයුතු මාතර සම්ප්‍රදායික ශාන්ති කර් ම ශාස්ත්‍රානුකූලව ඉටුකිරීම.