Home
About Us
දුටුගැමුණු රජතුමා අනුරාධපුර යුද්ධයෙන් පැරදී රුහුණට ආ පසු, රුහුණේ සිටි කාලය තුළ නෑබිලියට කිරි දී පිරිස පෝෂණය කළ නිසා ක්‍රි.පූ 149 දී දුටුගැමුණු රජතුමා රජ වූ පසු කෘතගුණ සැලකීමක් ලෙස කිරිනැළිය නමින් ගම්වරයක් වෙදරාළට ප්‍රදානය කරන ලදී. එතැන් සිට කිරිනැළියේ වෙදරාළගෙන් පැවත එන වෙද පරම්පරාව අපගේ කිරිනැළියේ වෙද පරම්පරාවයි.
එදා සිට පැවත එන කිරිනැළියට සුවිශේෂ වෙදකම වන ගෙඩි වන පිළිකා හා විදුම් පිළිස්සුම් ප්‍රතිකාර, පාරම්පරික වෙද ශාස්ත්‍රය, ඖෂධ වට්ටෝරු, ජ්‍යෝතිෂය, භූත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්ති කර්ම පිළිබද විශිෂ්ට දැනුම් සම්ප්‍රදායෙන් හා ජන විඥාණයෙන් ප්‍රගුණව පවත්වාගෙන යනු ලබයි.
එලෙස පාරම්පරිකව ලැබුණු දැණුමෙන් ප්‍රගුණව ආරියරත්න වඩුගේ වෙදමහතා විසින් ස්ථාපිත කළ පස්යාල කිරිනැළියේ වෙදගෙදර ක්‍රි.ව 1995 සිට අද දක්වා රෝගීන් 30000 අධික ප්‍රමාණයකට ප්‍රතිකාර කර ඇත