Kirineliye Wedagedara

කිරිනැළියේ
    වෙදගෙදර

ආයුබෝවන්

ආරෝග්‍යා පරමා ලාභා
නිරෝගීකම උතුම්ම ලාභයයි

Health is the ultimate wealth

පාරම්පරික හා අපටම ආවේණික දේශීය ප්‍රතිකාර

පස්යාල කිරිනැළියේ වෙද ගෙදර වෙබ් අඩවියට ඔබව සාදරයෙන් පිළිගනිමු

පාරම්පරික හා දේශීය ආයුර්වේදයෙන් රෝග පාලනය හා සුව කිරීම සදහා කැප වූ, ක්‍රිස්තු පූර්ව 149දී දුටුගැමුණු රජතුමා විසින් ප්‍රදානය කරන ලද කිරිනැළිය ගම්වරයේ වෙදරාලගේ පරම්පරාවෙන් පැවත එන පාරම්පරික දැනුම් සම්ප්‍රදායෙන් හා ජන විඥාණයෙන් ප්‍රගුණ වූ වෙදකමකි.

1995 සිට මාතර කිරිනැළියේ පාරම්පරික වෙදකමේ ගෙඩි, වණ, විදුම් පිළිස්සුම්, කැඩුම් බිඳුම්, ජ්‍යොතිෂ්‍ය, ශාන්ති කර්ම හා බුලත්සිංහල දේවමුල්ල විජේසේකර වෙද පරම්පරාවේ, පාරම්පරික සර්වාංග වෙදකමත්, සන්නි, කෝළ, වලිප්පු, ඉලප්පු, කඩුත්තු සදහා ඖෂධ ප්‍රතිකාර මෙන්ම ශාන්තිකර්මයන්ද ප්‍රගුණ කර ඇති අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මනෝ ව්ද්‍යා ඩිප්ලෝමාවද, කැළණිය විශ්වවිද්‍යාලයෙන් ජ්‍යොතිෂ්‍ය සහතික පත්‍ර පාඨමාලාවද, ඉන්දියාවේ පූනේ කොචින් විශ්වවිද්‍යාලයෙන් පංචකර්ම ඩිප්ලෝමාවද ප්‍රගුණ කර රෝගීන් 30 000 අධික ප්‍රමාණයකගේ රෝග සුව හෝ පාලනය කල ආරියරත්න වඩුගේ වෙදමහතා විසින් කිරිනැළියේ වෙදගෙදර පස්යාල, පවත්වාගෙන යනු ලබයි.

පාරම්පරික රෝගි සත්කාරක ප්‍රතිකාර සේවාවන්

කැඩුම් බිඳුම් ප්‍රතිකාර

සන්ධි හා ස්නායු ආශ්‍රිත රෝග

මානසික රෝග

ශීර්ෂ රෝග

මනෝවෛද්‍ය උපදේශනය

සමේ රෝග

සියළුම කාන්තා රෝග

ස්ථුල භාවය

ලිංගික රෝග

ස්ත්‍රී / පුරුෂ රූපලාවන්‍යය

ජ්‍යොතිෂ්‍ය සේවය

ශාන්ති කර්ම

පස්යාල කිරිනැළියේ වෙදගෙදර විශේෂත්වය

කිරිනැළියේ වෙද පරම්පරාවට අවේනික විශේෂිත තෙල් වර්ග. කිරිනැළියේ කැඩුම් බිදුම් තෙල, කිරිනැළියේ ගස් තෙල, කිරිනැළියේ සන්දි තෙල, කිරිනැළියේ කළු කුමාර තෙල,මහා දිව්‍යාංගනාදි තෙල, මහා සන්නි රාජ තෙල, කුද්දුස් තෙල, මහා විෂ්ණුරාජ තෙල, මහා බුද්ධරාජ තෙල, මහා දේවරාජ තෙල, මහා ඉරුදැපනය තෙල, මහා රාජතරංගණී තෙල ආදි මහා බලගතු තෙල් බෙහෙත් වර් ග පරම්පරාවට ආවේනික ශාස්ත්‍රානුකූලව හා චාරිත්‍ර විධි අනුව සකස් කරන ලද ඖෂධ.

රෝගියා වෙනුවෙන්ම සාදන විශේෂිත ඖෂධ

රෝග නිර්ණයේ සිට ප්‍රතිකාර කිරීම සහ ඖෂධ සකස්කිරීම දක්වා සියල්ලම එකම වෙදමහතාගෙන්.

පාරම්පරිකව පැවත එන ජ්‍යෝතිෂය, භූත විද්‍යාව, යන්ත්‍ර මන්ත්‍ර, ශාන්ති කර්ම පිළිබද විශිෂ්ට දැනුම හා අවබෝධය.

අවුරුදු 100 ක් පමණ පැරණි තෙල්.

තත්කාල කේන්ද්‍රයට අනුව ,දසරුවෙන් සහ දුත ලක්ෂණ අනුව රෝග පරීක්ෂණය.

ස්වාමින්වහසේලා වඩම්මවා පිරිත් සජ්ජායනා කර සකස් කරනා ඖෂධ.

පාරම්පරිකව පැවත ආ ඖෂධ වට්ටෝරු කිසිදු වෙනසක් නොකර රෝග සුවකිරීමට භාවිතා කිරීම.

සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුව නිසි අයුරින් වත් පිළිවෙත් ඉටුකර සියලුම ඖෂධ සකස් කිරීම.